Home/Songs/සිංහල ඉතිහාස පොතේ

සිංහල ඉතිහාස පොතේ

Sinhala Ithihasa Pothe

Font size:
ඇහැළේපොලගේ පුංචි පුතා....
මද්දුම බණ්ඩාර යන නාමේ....
මද්දුම බණ්ඩාර යන නාමේ.....

සිංහල ඉතිහාස පොතේ
රන් අකුරින් ලියවුණා
එඩිතර හොඳ පුංචි පුතෙක්
ලක් මෑණිට නැති වුණා
බෝගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා
ආඩම්බර කඳුළු වලින් අප සෝකය නිවෙනවා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා...

ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා
අම්මා සමඟ දරු තුන් දෙනෙකුට මරණය හිමි කළා
සිනා වෙලා අම්මා ළඟට ආ මද්දුම වීරයා
මැරෙනා සැටි මම පෙන්වන්නම්
අයියණ්ඩියෙ කියා
මම අයියණ්ඩියෙ කියා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා...

යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා
මරණෙට බයවී අයියා අම්මා ළඟට පැන ගියා
ඒ රජාගෙ කෲර ගතිය වීර ලෙයින් පෙන්නලා
මද්දුම බණ්ඩාරගෙ හිස කඩු පහරින් වෙන් කළා
කඩු පහරින් වෙන් කළා
සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා...

මද්දුම බණ්ඩාරගෙ පොඩි පුංචි නංගි දෙස බලා
වංගෙඩියක දා කොටන්න ඒ රජිඳා අණ කළා

එහෙම හිතක් එහෙම නැතත් ඉතිහාසෙම නෑ අනේ
පියාගෙ නම රැක ගන්නට
පුංචි පුතෙක් බිලි වුණේ
පුංචි පුතෙක් බිලි වුණේ

සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා
එඩිතර හොඳ පුංචි පුතෙක්
ලක් මෑණිට නැති වුණා
ලක් මෑණිට නැති වුණා....
සිංහලේට නැති වුණා....
ලක් මෑණිට නැති වුණා....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.