Home/Songs/අම්මේ මතු බුදු වෙන්න එපා

අම්මේ මතු බුදු වෙන්න එපා

Amme Mathu Budu Wenna Epa

Font size:
අම්මේ මතු බුදු වෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගේම වෙන්න අම්මා
අම්මේ මතු බුදු වෙන්න එපා

යස ඉසුරට ලොභ බැද ළංවුන
අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ
ලෙඩ දුක් කරදර මා වටකරගෙන
ඒත් මගේ අම්මා මගේ ළඟම උන්නා

අම්මේ මතු බුදු වෙන්න එපා

මහළු මඩම් මොකටද මගේ අම්මට
මමම සුවය දෙන්නම්
ඔබගෙ ළඟම ඉන්නම්
මේ භවයෙදි පැතුම් පතන්නේ
මතු භවයෙදි අම්මේ ඔබේම පුතු වෙන්නයි

අම්මේ මතු බුදු වෙන්න එපා

ආයෙත් මං උපදින හන්දා
මගේම වෙන්න අම්මා
මේ සසරෙදිත් ඔබයි මගෙයි අම්මා
මතු  සසරෙදිත් ඔබයි මගෙයි අම්මා //


Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.