අවදිවන්න අවදිවන්න
Awadiwanna Awadiwanna
Music: C T ප්‍රනාන්දු
Font size:
අවදි වන්න අවදි වන්න - දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ හිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකෙක අපි ජීවත් වෙන්නේ සුසුමි හෙළන කලට දුක් වෙලා - ඔබත් සමඟ කවුද හඬන්නේ ටිකක් සතුටු වන්න හිනැහිලා - දහසක් ඒ ලෙස හිනහෙන්නේ බලනු මැනවි කුරුළු කැදැල්ලේ - සතුට සැපත රස ඉතිරෙන්නේ එහෙම ඉඳිමු සිත සැනසිල්ලේ - දුකිනි මිනිස් කම ලැබ ගන්නේ දුක සැප දෙක පෙරළි පෙරළි යයි - යන කාලය නැත නවතින්නේ ඊයෙ වගෙද අද ටිකක් හොඳයි - අදට වඩා හෙට හොඳ වෙන්නේ
Singers
Data
Last updated May 2026