Font size:
හිතේ පිපුන මල් යායේ මලක් මලක් ගානේ මගේ කියා විඳගන්නට ඔබේ සුවඳ නෑනේ නෙතේ හැංගිලා හිනැහෙන රැයක් රැයක් ගානේ ඔයා තමයි හැමදාමත් මගෙ ලස්සන හීනේ කොහේදි හෝ මා දුටුවොත් පෙනෙන දුරක මානේ හිනාවෙලා මගේ අතින් අල්ලන්නට ඕනේ කඬා වැටෙන කඳුළැලි කැට ගනින්න මට බෑනේ මුවාවෙලා හඬන්න මට ඔය උරහිස ඕනේ ලඟින් ඉන්න තිබුනානම් ගෙවෙන පැයක් ගානේ ඔයාගෙ අත මගේ අතක හෙමින් වෙලෙනවානේ කියාගන්න දඟලනකොට සිතිවිලි සංතානේ ඔබම තමයි වචන ටිකක් මගේ මුවට දුන්නේ මගේ ආදරේ සමනොල ගිර පරදනවානේ කොහෝම කිව්වත් සෙනෙහස පෙන්නන්නට බැහැනේ පිපී පරවෙලා යන්නට ඔය ඇස් දෙක මානේ මලක් වෙලා මම ආයෙත් ඉපදෙන්නට ඕනේ