Font size:
ඔබත් ගියා මට පිටුපා සදාතනයි කී පෙම බිද දා මතක් වෙලා දුක හිතුනා අද ලගින් නැති නිසා ...// දෙනෙත නිදි නෑ අදහ ගනු බෑ ඔයා මට හිමි නෑ කියලා දරා ගනු බෑ හදේ ඉඩ නෑ හිනා වෙන්නට ඉඩ තියලා නිකැළැල් පිරී තරහා නොවී මැරෙන්න මොහොතක් කලින් ඔබ එන්න පෙරදා ලෙසින් ඔබත් ගියා මට පිටුපා .../ කදුළු පොඩි නෑ උහුල ගනු බෑ නෙතේ දොරගුළු බිද වැටිලා ඔබට මම නෑ මටද ඔබ නෑ අදින්පසු අපි දෙදෙනෙක් වෙලා නිකැළැල් පිරී තරහා නොවී මැරෙන්න මොහොතක් කලින් ඔබ එන්න පෙරදා ලෙසින් ඔබත් ගියා මට පිටුපා .../