Home/Songs/කිරි කවඩි සිනහ

කිරි කවඩි සිනහ

Kiri Kawadi Sina

Font size:
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
අැගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ
අැගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ
ආදරේ... ආදරේ...
කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ

පුළුලු උකුලු සිහිනිඟ සුඟ
සුනිල උපුල දිගු නෙතු යුග
සඳෙස් කවක උපමාවක් යොදාලා
(පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා...//)

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ

නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා හඬළන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
(අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා...//)

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.