Home/Songs/දැනෙනා තුරු මා

දැනෙනා තුරු මා

Danena Thuru Maa

Music: අමිත් ගුරු Lyrics: මනුරංග විජේසේකර
Font size:
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විදිමින්
නුඹගේ පහසේ රහසක් වූණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිදුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා...

අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා...

නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන
සංසාර ගීයේ හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්...

වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මටනම් කල් ඇතිව...

නැවත හමු නොවන
සංසාර ගීයේ හිතක තනි මකනවා
අපගේ ප්‍රේමයට පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා...
දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.