Home/Songs/ආදරේ

ආදරේ

Adare

Music: සනුක වික්‍රමසිංහ Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
අහස පොලව උහුලනවලු
ඉරත් හදත් මූහු වෙනවලු
පටන් ගත්තු දාට ආදරේ
සිනහ පදුරේ කදුලු සුසුම් පොකුර ආදරේ
නෙතට පිරිත් පැන් ඉහිනා සිදුර ආදරේ
කදුලු වදුලේ සිනහ පොට්ටු නටන ආදරේ
සිතට තට්ටු කරන සිහින කෙවිට ආදරේ...
ආදරේ…ආදරේ…ආදරේ…ආදරේ…

අවේලාවේ හීන මවන
හීන මානේ දෙපලු කරන
මුරන්ඩු කම දුන්නු ආදරේ
රෑ තුන්යම, රෑ තුන්යම පාළු මකන
තනිවම හිනැහෙන මුමුණන
තුරුනු සිරිත සොඳුරු ආදරේ
ආදරේ…ආදරේ…ආදරේ…ආදරේ…

සාගරේට කඳුලු හදන
මහ සුලගට සුසුම් බෙදන
විනයක් නැති දැහැන ආදරේ
හිතෙන් හිතට, හිතෙන් හිතට ඉව අල්ලන
නෙතින් නෙතට මාරු කෙරෙන
දාර්ශනික දහම ආදරේ...
අහස පොලව උහුලනවලු.../

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.