Font size:
පිපෙනා වැහි මල් යායෙහි නැගෙනා දෙව්දූ ඇදි දේදුන්න සේ දකිනා ඔබගේ හැඩ දෑසින් සැලී බැලුවා මා දිහා... තරු රෑනක් පීර පීරා... නුබෙ නෙත් මං තේරුවා නෙතු පියවූ ඒ ඇසිල්ලේ මා.. පැතුම් පුරා නුබ ඇවිදින් උන්නා මගෙ සිහිනේ සරසා... හිරු දුටු පින්න සේ මා හද පුරා නැගි සහසක් සුසුම් සේනා නිවා නුබ ගෙන ආව සෙනෙහේ වදන් නිසා මගේ කවි පෙලම නුබගෙන් ලියැවුනා... තරු රෑනක් පීර පීරා ...//
Singers
Data
Last updated May 2026