Home/Songs/කළු කැළණි නදී

කළු කැළණි නදී

Kalu Kelani Nadee

Font size:
කළු කැළණි නදී ගලා යාවී//
හෝ හෝ...
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ//

සමනල කිරි ගල පිදුරුතලාගල
ආඳා වැල කඳු පේළි
හක්ගල පේරාදෙණියේ මල්වතු
දුන්හිඳ ඇල්ලේ සෝභා//

කළු කැළණි නදී...

සීගිරි සිතුවම් දඹුලු පොළොන්නරු
ගල් කැටයම් පෙළ සෑදී
අව්කන පිළිමේ දෙන බුදු මහිමේ
ඉසුරුමුණිය මනහාරී//

කළු කැළණි නදී...

සොරබොර වැව හා මහියංගණයද
බිංතැන්නට හිමි වූයේ
කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ
නාගදීප ඇත උතුරේ

කළු කැළණි නදී...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.