Home/Songs/මී පිරුණු සුවඳ මල් වනේ

මී පිරුණු සුවඳ මල් වනේ

Mee Pirunu Suwanda Mal Wane

Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
මී පිරුණු සුවඳ මල් වනේ
ආදරය සිනා සෙනු පෙනේ
පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා
අනන්තයට යයි පියාඹලා

රැව් නැගී තුරුණු හද බිමේ
ජීවිතයෙ අරුත දැන් දැනේ
හැඟුම් විහිදිලා දෙතොල් මතුරලා
කතා කරයි පියා සල සලා

සිහිනෙකින් හරි - සිතන්නට බැරි
ඉඳු නිලක් ලැබී - කැළුම් දෙයි පිරි
විමන් නොපතමී - යහන් නොසොයමී
ඔබගෙ හද බිමේ වැතිර සැතපෙමී
නෙත් පියන් වැසීලා - සිත් තුටින් පිරීලා
නින්ද යයි සුවෙන් නිසංසලේ

කොකුන් තවරා - සඳුන් මුසුවලා
සුගන්ධය ගලයි - සුළගෙ විසිරිලා
පෙරදි තැනකදී - දිනෙක බැඳි බැඳී
හිටිය හැටි සිතේ - මතකෙ ඇඳි ඇඳී
ඒ ගැනත් මෙසේමයි - ඒ දිනත් මෙවාගෙයි
පෙම් පහන් දිලේ බවෙන් බවේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.