Home/Songs/කසාවතට පුංචි පුතේ

කසාවතට පුංචි පුතේ

Kasawathata Punchi Puthe

Font size:
කසාවතට පුංචි පුතේ නුඹ දන් දුන්නේ
මම සසර දුකින් එතෙර වෙන්න හිතාගෙන නොවේ
මට සමාවෙයන් රත්තරත් පුතේ
මට සමාවෙයන් රත්තරත් පුතේ

වෙස්සන්තර මහ නිරිඳුන් දරු දන් දුන්නේ
නිවනට යන මග සරි කරගන්නටයි පුතේ
ඒත් පුතේ අසරණ මා නුඹ දන් දුන්නේ
නැති බැරිකම් ඉහ වහගිය නිසයි ජීවිතේ
මට සමාවෙයන් රත්තරත් පුතේ
මට සමාවෙයන් රත්තරත් පුතේ

කසාවතට පුංචි පුතේ....

කසාවතින් සැරසී නුඹ නිවසට ආදා
නුඹේ මවුගෙ නෙතේ පිරුණු කඳුලු බිඳු පුරා
සංසාරෙන් එතෙරට යන මග මෙයයි කියා
සැම හදවත් සුව කළ මැන බණ දෙසුම් කියා
මට සමාවෙයන් රත්තරත් පුතේ
මට සමාවෙයන් රත්තරත් පුතේ

කසාවතට පුංචි පුතේ....
(මට සමාවෙයන් රත්තරත් පුතේ...////)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.