Home/Songs/සංසාර ආදරේ

සංසාර ආදරේ

Sansara Adare

Music: තිලිණ රුහුණගේ Lyrics: රචිත වාකිෂ්ට
Font size:
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා

මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හෙමිහිට රහස් අපි ගැන කිව්වා කතා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා

ඇහිපිය පවා අඳුරන හීනය වෙලා
කඳුළයි දුකයි තනියට හිතවත් කළා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
මුළු හිත පුරා තිබුණා නුඹ ගැන ලියා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.