Home/Songs/ඔබ කොහේ හරි ඇති

ඔබ කොහේ හරි ඇති

Oba Kohe Hari Athi

Music: සඳරුවන් ජයසිංහ Lyrics: මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි
Font size:
ඔබ කොහේ හරි ඇති

මට පෙනී නොපෙනී
මට දැනී නොදැනී
ඔබ කොහේ හරි ඇති

මට පෙනී නොපෙනී
මට දැනී නොදැනී
මේ විසල් විශ්වයේ
(ඔබ කොහේ හරි ඇති...//)

(මලක් වී අතු අග පිපී
සුවඳ දි සුළගේ එතී
තරුවක්ව අඳුරේ දිලී
උණුසුමක සිහිලක වෙලී...//)
පෙනී නොපෙනී ඔබ හිඳී

(අරුණේ බොඳ වුණු පැතුම වී
රැයේ ඉගිලෙන සුසුම වී
මතකයක නොනිදා රැඳී 
තනිකමක කඳුලක වෙලී...//)
දැනී  නොදැනී ඔබ හිඳී

මට පෙනී නොපෙනී
මට දැනී නොදැනී
මේ විසල් විශ්වයේ
ඔබ කොහේ හරි ඇති

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.