Home/Songs/හිතින් යන අය

හිතින් යන අය

Hithin Yana Aya

Music: සංඛ දිනෙත් Lyrics: දිල්ශාන් පතිරත්න
Font size:
(වසන් වන සඳ වලාකුළකට
හඬා වැටුණට තාරකාවක්
ආයෙ එන්නේ නෑ
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...//)

මවාදී තරු රටා අහසේ
සිනාසී උන් තරු කිනිත්තෙන්
මලානික වූ පුංචි තරුවක්
පොළෝ තලයට කඩා වැටුණා
සරා සඳකට දරාගන්නට බෑ...
(හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...//)

නිවී යන තරුවක කතාවේ
බිඳීගිය මතකයේ සැමරුම්
හිතේ ගැඹුරුම තැන තියාගෙන
ආදරේ ඉකිබිඳුම් ඇසුණා
මලානික ඇස් හිනාවෙන්නේ නෑ...
(හිතින් යන අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...//)

වසන් වන සඳ.....

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.