Home/Songs/සිහි නොවෙයිදෝ ඔබට මා

සිහි නොවෙයිදෝ ඔබට මා

Sihi Noweido Obata Ma

Font size:
සිහි නොවෙයිදෝ ඔබට මා 
ඊයේ වෙනතුරු පෙම් කළා
දෑස හඬවා දෑත හැරදා 
ඔබට පෙම් කළ සිතම රිදවා
ආදරේ මගෙ හැර දමා 
ඔහුට හිමි වී ඔබ ගියා

නෑ බලන්නේ එදා වාගේ ආදරේ උතුරනා දෑසින් //
ඔබ හිඳින්නේ ළඟම ඔහුගේ 
නොදුටු සේ මා ඉවත බලමින්
මගේ හදවත පාරලා 
ඔබ හිඳී ඔහුගේ වෙලා

සිහි නොවෙයිදෝ ඔබට මා.......

නෑ ඉතින් මට ඔබට ආයේ 
පෙම් කරන්නට ඔබට වාගේ//
හිඳිනු මැන සතුටින් සදා 
ජීවිතේ හැම දේ ලබා
ආදරේ මගෙ හැර 
දමා ගියත් නෑ තරහා වෙලා

සිහි නොවෙයිදෝ.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.