Home/Songs/ඊළඟ භවයේ

ඊළඟ භවයේ

Iilanga Bhawaye

Font size:
ඊළඟ භවයේ හමුවන්නේ අපි   
කොහොමද කොතැනද කවුරු ලෙසේ
හඳුනාගන්නේ කෙලෙසද අපි අපෙ
සතුරන් මිතුරන් නෑදැයෝ...

මේ භවයෙත් එය වටහා ගනු බැරි වී
අපි අප ඇසුරෙහි පසුවන්නේ...
එනමුත් සේරම විහාරමළුවෙදි
එක පහනෙහි තෙල් පුරවන්නේ...
 
ඊළඟ භවයේ හමුවන්නේ අපි ...

අපි අප කවුදැයි යළි උපදින දා
හිරු සඳු පමණද ළඟ ඉන්නේ...
කුල මල ආගම් බෙදී බිඳි  ගොස්
ඇයි මිතුරනි සතුරන් වෙන්නේ...

ඊළඟ භවයේ හමුවන්නේ අපි...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.