Home/Songs/අවසාන සැදෑ සක්මන

අවසාන සැදෑ සක්මන

Awasana Sanda Sakmana

Font size:
අවසාන සැදෑ සක්මන
නොදැනීම ගෙවුණු ඉක්මන
දැන් නික්ම යන්න කාලය අප අපෙන්
යළි හදන්න බැරිවුණු සිත් අරන්

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් සරා හිඳීවි අප එන කල්
නැති උනේ අපට අප මිස
මේ ලොවට නොමැත එහි දුක
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්

අවසාන සැදෑ සක්මන ........

අප දෙපා සැලූ වෙරළේ රළ වැල්
කැටි ගසා රැදේවිද අප එන කල්
නැති උනේ අපට අපමය
කාලය යයි අපි පසුකොට
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්

අවසාන සැදෑ සක්මන .........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.