Font size:
රෑ සඳ යායේ ආවා රන් මල්බර මනමාලි දේදුනු මායාගේ නම සංවර කවිකාරි දිව්රලා පෙම් හිත පුරා වස්සානයේ සඳ ගාව රතු කළා නිල ඇස් දෙකක් ගිම්හානේ දුර රෑක සීතල යාමේ පායලා ඈතක පාවීලා මීදුම වාගේ හේදිලා ඉස්සර හිත‍් බින්දා ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා නිම්නෙක සීතේ පාවිලා ඇවිදිමු අත් අල්ලා...... මේ හිත ආයේම හීනෙක තනිකර පාවෙලා නොයයි නම් කොහේවත් රෑ සඳ හීනයේ සීතල හාදුවේ ආදරේ දෙනවා මං කොහොමත් මා නුඹේ සුදු දඟකාරි ඔය දුක් අරන් යන්නේ ජීවිතේ ගිම්හානේ මදුධහනේ වෙන් වී යන්නම් සීතල යාමේ පායලා ඈතක පාවීලා මීදුම වාගේ හේදිලා ඉස්සර හිත‍් බින්දා ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා නිම්නෙක සීතේ පාවෙලා ඇවිදිමු අත් අල්ලා...... ළා සඳ සීතල මීවිත කළඹන පායනා දුරු සිත් අහසත් ආදර මා හිත තෝරන කවියක ජීවිතේ සොඳුරු පෙම් පහසක් මා නුඹේ හිතුවක්කාරි ඔය ඇස් ළඟින් ඉන්නේ ආදරෙන් සංසාරේ වස්සානේ ළං වී ඉන්නම් සීතල යාමේ පායලා ඈතක පාවීලා මීදුම වාගේ හේදිලා ඉස්සර හිත‍් බින්දා ඒ හිත ආයේ ආ නිසා මා වෙත යාවීලා නිම්නෙක සීතේ පාවෙලා ඇවිදිමු අත් අල්ලා...... රෑ සඳ යායේ.....