Home/Songs/රෝස පෙති

රෝස පෙති

Rosa Pethi

Music: රොමේෂ් සුගතපාල Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා
කඳුළු පිනි වෑහේවී නිදන හිත ඇහැරේවී
පපුව මත සුවඳ විද දෙතොල් පෙති යාවේවි
රෝස පෙති අතුරාලා...

තරු පේළි පීදීලා සඳ යහන පීරාලා
නුඹේ දෑස වීදාලා
අපේ කෝඩු හීනේ සරසාලා...//
ඉඳුනීල නෙතු ගාව රැඳෙමි සදා...

රෝස පෙති අතුරාලා යහන මත සතපාලා
සුපෙම් හිත ළඟින් හිඳ සුසුම්ලමු කොඳුරාලා...

පැතු හීන වෑහීලා අද යාය නෑවීලා
පණ වාගේ පෑහීලා 
මතු ආයේ මාගේ සඳ වේවා...//
ඉඳුනීල නෙතු ගාව රැඳෙමි සදා...

රෝස පෙති අතුරාලා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.