Home/Songs/දෑස විදහාලා ඔහු එන පාර බලලා

දෑස විදහාලා ඔහු එන පාර බලලා

Dasa Widala Ohu Ena Paara Balala

Font size:
දෑස විදහාලා ඔහු එන පාර බලලා 
වෙහෙස දැනිලා නුවනග කඳුළු නැගීලා 
ඔහු යලි එදෝ ඔබව සොයලා 
බඹරුන් එහෙමයි මොටද හඬලා...

මල් පර උන බව දැක ඒ බඹරු හඬන්නේ 
සඳ හිරු කිසිදා නැ අඳුරට බිය වන්නේ //
ඔහු යලි එදෝ ඔබව සොයලා 
බඹරුන් එහෙමයි මොටද හඬලා....

දෑස විදහාලා ඔහු එන පාර බලලා /

රල පෙළ දිව එනු මිස නැ වෙරල දුවන්නේ 
සුසුම් හෙලා ඇයි ඉහිරුණු කිරට හඬන්නේ //
ඔහු යලි එදෝ ඔබව සොයලා 
බඹරුන් එහෙමයි මොටද හඬන්නේ......

දෑස විදහාලා ඔහු එන පාර බලලා.../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.