Home/Songs/සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ

Sada Nidanna Oya

Font size:
සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න

සඳ සීත ගෙන එන්නෙ අාදරේ
දඟකාර නිල් දෑස මානයේ
ගුලිවෙන්න රතු⁣ රෝස හීනයේ
ළඟ ඉන්න තුරුලේම මා ළයේ
අඩවන් දෑස කීවේ
ජීවිතේ අරුතමයි සංවරයි මැණික මාගේ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න

සමණලිය තටු සලන යාමයේ
මල් සුවඳ මකරන්ද මාරුතේ
දෙතොලතර සුසුමින්ද මේ රැයේ
නිල්මල් විලෙන් හීන වෑහුනේ
මුසපත් සේද යායේ
උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මාගේ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න

සඳ නිදන්න

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.