මා පෙර සසරේ පැතූ පැතුම්
Ma Pera Sasare Pathu Pathum
Font size:
මා පෙර සසරේ පැතූ පැතුම් මා පෙර සසරේ සිතූ සිතුම් මා මතු සසරේ උපදිනවානම් ඔබ මතු හමුවිය යුතුයි කියා පෙර දවසක මා මලක් පුදා පෙර දවසක පහනක් දල්වා දන්නවාද කල ප්‍රාර්ථනා ඔබ මට හමුවිය යුතුයි කියා නිහඩ රැයක මගේ පැලේ තනිවී සිතුවිලි යහනේ නොනිදා සැතපී සිහිනෙන් ඇවිදින් මා හමුවන්නට ඔබට කලෙමි ආයාචනා එවන් රැයේ මගෙ පැලේ තනිවී ඔබ ගැන සිතමින් නොනිදා සිටිමී හැබැහින් ඇවිදින් මා හමුවන්නට ඔබට කලෙමි ආරාධනා මා පෙර සසරේ .... පෙර දවසක මා .... මලක් කඩා මා දෝතට දුන්නා ඒ මල පුදාලා මොනවද පැතුවේ මේ සසරේ මෙන් මතු සසරේදිත් ඔබ මට හමුවිය යුතුයි කියා මා පෙර සසරේ .... පෙර දවසක මා ....
Data
Last updated May 2026