Home/Songs/මට අවනත නැති

මට අවනත නැති

Mata Awanatha Nathi

Font size:
මට අවනත නැති මගේ ආදරය නිසා
සිත චංචල වී හැඩුවා රැය පුරා
කවුළු දොරින් සඳ සිටියා මදෙස බලා
මාවත් නොදනී කොතැනක නවතීදෝ
මගේ ජීවිතේ කියා 

වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ .......
වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ .......
මාවත් නොදනී  කොතැනක නවතීදෝ
මගේ ජීවිතේ කියා

රිදුමක් දැනෙන්නේ රහසින් හඩන්නේ
සංකා හින්දයි විඳවන ජීවිතයෙන්
නික්ම යන්න වෙයි දිනෙක කියා තැවෙනා
ප්‍රේමවන්ත සිත් දැවෙනා බව හැඟුණා

වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ .......
වැහිළිහිණියනේ .... වැහිළිහිණියනේ .......
මාවත් නොදනී  කොතැනක නවතීදෝ
මගේ ජීවිතේ කියා //
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.