Font size:
(ඉඟිමරන තරු රෑන කෝ ගගනේ දඟකරන හඳපානේ කෝ නොමැකෙන්න පායන්න පෙම්පාට හැන්දෑවේ ඔබ එව්ව දේදුන්න කෝ...//) රඟපාන සමනල්ලු සේ ඉගිලෙන මන්දාරමේ ඔබ හිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න ඔබ එව්ව දේදුන්න කෝ.... (පාදා දුන් ආකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද දේදුන්න මැකිලාද කෝ......//) ආකාසේ වැහි කඩුලු දෝ දුක් දෙන්න ඔබ ආවාදෝ පාදා දුන් ආකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද දේදුන්න මැකිලාද කෝ... අත් බැඳෙන රන් කෙන්ද කෝ සසරේ සරසෙන්න හිමිවෙන්න කෝ සිල් බිඳින පෙම් සීනු පෙම් පාට මල් රේනු අයදින්න දේදුන්න කෝ දුක් විඳින සිහිනයක කෝ තුරුලේ නවතින්න ඉඩ දෙන්නකෝ දුක හිතෙන උණු කඳුළු පිසදාලා හිනැහෙන්න ඔබ එව්ව දේදුන්න කෝ.... රඟපාන සමනල්ලු සේ ඉගිලෙන මන්දාරමේ ඔබ හිතෙන සිතුවිල්ලෙන් ආදරය ඉල්ලන්න ඔබ එව්ව දේදුන්න කෝ.... (පාදා දුන් ආකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද දේදුන්න මැකිලාද කෝ....//) ආකාසේ වැහි කඩුලු දෝ දුක් දෙන්න ඔබ ආවාදෝ (පාදා දුන් ආකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද දේදුන්න මැකිලාද කෝ....///) ආකාසේ වැහි කඩුලු දෝ.... (පාදා දුන් ආකාසේ අඳුරේද සැඟවීද නොපෙනීද දේදුන්න මැකිලාද කෝ....//)