Home/Songs/සද ලග තරු ලග සිත රැදුනා

සද ලග තරු ලග සිත රැදුනා

Sada Laga Tharu

Font size:
සද ලග තරු ලග සිත රැදුනා
මුතු ලග සිනහවේ රැසි වැටුනා
අහසත් වගේ පෙනෙනා
තරුවක් සිතේ තිබුනා

තනිකම සිත යට ඉකි ගසනා
හෙමිහිට හැමවිට නුඹ පැතුවා
කෙළිලොල් නුවන් මවනා
නොඉදුල්  සිතුම් පිරුනා

දෙව්සිරියෙන් වැඩ සිටියේ
මා සිත නුඹට බැදී
හද කුටියේ සීගිරියේ
ගීයට කුරුටු ගැසූ

නුඹ මාගේ හද අරගන් 
ලග පාත ඉද හිනහෙන් 
පුර පෝය සද විලසින්
සිත් යාය මත පායන්

සිත් පතුලේ දිය සුලියේ
සිතිවිලි නුඹට රිසි
ආල රැයේ සිහින පිපේ
හීලෑ නොමැති සිතේ

ඔය දෑස කවි දහසක්
මුතු සිහින මල් යායක්
තොල් සිඹින තප්පරයක්
රතු රෝස අක්කරයක්

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.