Home/Songs/නිසි මග එන්නට

නිසි මග එන්නට

Nisi Maga Ennata

Music: ප්‍රියන්ත නාවලගේ Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
ලේ කිරි කර පොවලා 
දහ දුක් විඳිමින් නුඹ උස් මහත් කළේ
මගේ දෑසින් මේ පව දැකගන්න නොවේ
(මා පුතුනේ ඇයි මා සිත රිදවා 
මත් රකුසා වෙත ගොදුරු වුණේ.....//)

ඔබේ වදන් මග හැරිය නිසා 
සමාජයෙන් මා කොන් වීලා
(නිසි මග එන්නට කාලය දෙනු මැන
මගේ අම්මේ මට වෙන්න සමා.....//)

නුඹගේ ළඟ සිටි ඒ මිතුරන් 
නුඹව හැරදමා පලා ගිහින්
නිසි මග එනතුරු ඉවසුම් නෑ
මව් සිතකට පුතුනි මොහොතක්
(නිසි මග එන්නට කාලය දෙනු මැන
මගේ අම්මේ මට වෙන්න සමා.....//)

පුතුනේ නුඹ විඳිනා දඬුවම් 
මමත් විඳිනවා මගේ සිතින්
මව් කෙනෙකුට උහුලන්නම බෑ
තම පුතු විඳනා මේ දඬුවම්.....
(නිසි මග එන්නට කාලය දෙනු මැන
මගේ අම්මේ මට වෙන්න සමා.....//)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.