Home/Songs/මිදුලේ අතන නංගෝ

මිදුලේ අතන නංගෝ

Midule Athana Nango

Music: රූකාන්ත ගුණතිලක Lyrics: ආචාර්ය අජන්තා රණසිංහ
Font size:
මිදුලේ අතන නංගෝ
කවුදෝ හැංගී ඉන්නා වගේ
සෙල්ලම් හැංගි මුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ

පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මං එන්නද
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා
ඇවිදින් අල්ලන්න දෝ

තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ 

සෙල්ලම් බත් උයාලා
එකට බෙදලා කමුදෝ අපි
කවි ගී සිංදු වාරම්
දෑත අල්ලා කියමු අපි

දැන් අම්මලා ඒවි දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ රූප පැන්සල් අරන්
අඳිමු අපි නංගියේ
පාට ගාලා රූප අඳිමු

ගවුමේ දූලි ගෑවි කිලිටු වීලා අම්මා බනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
නංගී ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.