පෙර ආත්මයක එක රාත්‍රියක - pera athmayaka eka
පෙර ආත්මයක එක රාත්‍රියක - pera athmayaka eka
Font size:
පෙර ආත්මයක එක රාත් රියක මධු කුසලානේ දෙතොලේ රැදෙව්වේ ඒ ඔබයි සොදුරේ ඒ ඔබයි සොදුරේ පෙර ආත්මයක එක රාත් රියක සොමි සද පානේ රසු දැල් සෙලෙව්වේ ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ හ්ම් ම් ම් ම් හ්ම් ම් ම් ම් ම්....... දෑතට බර වී දෑතක සිර වී එක් වුණු තිසරුන් ර්ංගන පෑවේ... ආදර වීණා සත්සර රාවෙන් මත් වුණු කොවුලා සිත් ලෙස නෑවේ මධුර අතීතේ දැනුණ තුසීතේ ජීවන ගමනේ ගිම සැනසෙව්වේ ඒ සිව සහනය සිහි වේ.... නෙත්මිණි පිබිදී පැහැසර විහිදී සියොළග ගිලුණා විශ්මිත එළියේ සිත් ලෙස සුවසේ අත් ගෙන එකසේ අපි සැරිසැරුවේ පෙම් සැණකෙළියේ භවයෙහි පෙරදී ආ මග වැරදී කොයිබද ඔබ මේ ප් රියදේහිනියේ මා හද දෙහදක තනිවේ...
Singers
Data
Last updated May 2026