Home/Songs/ධර්මය සත්‍ය වේ (සත්‍යයි ඔබේ)

ධර්මය සත්‍ය වේ (සත්‍යයි ඔබේ)

Dharmaya Sathya We (Sathyayi Obe)

Font size:
ධර්මය සත්‍ය වේ.....දේශනා සත්‍ය වේ....
සදහම් ධාරාවෝ ....තණ්හා භව දුක් සාහේ
සුන් කර දා ද්වේශ නිවා

සත්‍යයි ඔබේ දර්ශනේ - සත්‍යයි ඔබේ දර්ශනේ
සත්‍යයි ඔබේ දර්ශනේ - නිර්මලයි
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
ධර්මය සත්‍ය වේ.....දේශනා සත්‍ය වේ....ධර්මය සත්‍ය වේ
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ
සත්‍යයි ඔබේ දර්ශනේ

රාගය දවලා - රාගය දවලා
ද්වේශ නිවාලා භව තරණය කළ සමිදේ
ගලා හැලේවා මුදිතා ධාරා -ගලා හැලේවා මුදිතා ධාරා
දයානුකම්පා දෑසේ - තණ්හා වියෝ දුක් නිවාලා
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ

පුණරාලෝකේ -පුණරාලෝකේ
පියුම් පිපීලා - කරුණා ගඟුලේ පාවේ
දිනිඳු දිළේවා - යළි නොනැසේවා
සදා දිළේවා -  යළි නොනැසේවා
අනුරා ගින්නේ තාපේ
සම්මා සමාධි මවා
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ

රාගය දවලා - රාගය දවලා
ක්ලේෂ නිවාලා භව තරණය කළ සමිදේ
ගලා හැලේවා මුදිතා ධාරා -ගලා හැලේවා මුදිතා ධාරා
දයානුකම්පා දෑසේ - තණ්හා වියෝ දුක් නිවාලා
සත්‍යයි ඔබේ දර්ශනේ -සත්‍යයි ඔබේ දර්ශනේ




Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.