Font size:
නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපලයි කල්ප ගණනකින් අප නුදුටුව මුත් උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ පරාජයෙන් අප අසරණ වූදා රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ අපේ නමට ඇස කඳුළු උණන්නේ ඔබට පමණි මේ සිතිජ වළල්ලේ සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ ඔබේ උතුම් මියරැස් ගඟුළැල්ලේ
Singers
Data
Last updated May 2026