Home/Songs/මනමාල හැන්දෑවේ

මනමාල හැන්දෑවේ

Manamaala Handawe

Music: සරත් ද අල්විස් Lyrics: උපාලි බණ්ඩාර වීරසේකර
Font size:
මනමාල හැන්දෑවේ, පිනි වැස්ස වහිනවා 
සුලන් කොඩෙක ඇති, ඔබේ සුවද ගෙනෙනවා 
දරා ගන්න බැරි දුකක්, මගෙ හිතට දැනෙනවා 
මතක් වෙනකොට ඔයාව, හිතම ගිනි ගන්නවා...

වෙන් වෙලා ගිය දවසේ, සිප ගත්ත මගෙ දෑතේ
ඔබෙ සුවද අහුරක්ව ගුලි වෙලා තියෙනවා  
පෙම් සිහිනේ අමතක වූ කඳුළු ගැබ්බර දෑසේ 
උණු කඳුළු ගලාගෙන දෙකම්මුල් තෙමෙනවා
මනමාල හැන්දෑවේ...

මතකයක් අමතකව, හිත රිදුනු තැන් ආයේ 
අමාවක කලුවරක ගිය සමය දැනෙනවා 
දුකක් ඔබ දුකක් නේ... විඳව විඳව තැවෙනා 
ඒත් මෙය සත්තමයි මග බලා ඉඳිනවා...

මනමාල හැන්දෑවේ.../
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.