Font size:
රන් කුරහන් හේන උඩින් සී පද හඩ ඇසෙන පැයේ එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ // රෑ තිස්පැය ගෙවා පැලේ ඔබ එනතුරු හිමිදිරියේ ඕවිට ළඟ බලා හිඳිමි සපුමල් කුමරෝ // වැටකෙයියා යායා මැදින් තුන්හිරයා පන් උදුරන් පාන්දරින් ඔයත් එක්ක පහන් පැලේ දෙවියන් වැඳ කුඹුකේ ලිදෙන් දිය නා ගමු සපුමල් කුමරෝ රන් කුරහන් ..... රෑ ඉරබටු තරුව ළගින් පායන සඳ අපට හොරෙන් නැකැත් අරන් ඒවි ඉතින් අලුත් බතේ සුවඳ මැදින් බක් මාසෙට එක්තැන් වෙමු සපුමල් කුමරෝ රන් කුරහන් ....
Singers
Data
Last updated May 2026