බොරු චෝදනා
Boru Chodana
Music: ප්‍රගීත් පෙරේරා Lyrics: සජිත් චතුරංග
Font size:
බොරු චෝදනා මවා මට හැමවෙලේ සමුගත්තේ ඔබ මිසක් මම නම් නොවෙයි යන්තම් සානුකම්පාවක් ඇති නම් සිතේ ඔබ නෑ මාව රිදවන්නේ අද මේ වගේ අළුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිම වෙලා මාවෙතින් ලැබුණ සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා නැවතත් එන්න හැකිනම් සැනෙකින් පිය නගා අදටත් ඔබව මාගේ පණට වැඩියෙන් වටිනවා..... ඔබව නැති ලොවක් පෙනෙන සිහිනෙකත් දුටුවේ නැති නිසා මම එදා (නැවත හෙට ඉඳන් බිඳුණු හිත හදන් ඉන්නේ කොහොමදෝ තනිවෙලා....//) අළුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිම වෙලා මාවෙතින් ලැබුණ සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා නැවතත් එන්න හැකිනම් සැනෙකින් පිය නගා අදටත් ඔබව මාගේ පණට වැඩියෙන් වටිනවා..... මතක පොදි බැඳන් චිතකයක් හදන් එයට ගිනි තියා දල්වලා කොහොම අළු කළත් ඔබව මතකයෙන් දුරස් වෙන්නේ නෑ කිසිමදා..... බොරු චෝදනා.....