Home/Songs/හංගා සිතේ

හංගා සිතේ

Hanga Sithe

Music: කසුන් මධුශංක Lyrics: මල්කි විජේමාන්න
Font size:
හංගා සිතේ ආදරේ තව ඉන්න බෑ පෙර ලෙසේ
ළං වී මෙසේ ජීවිතේ ආවාද සංසාරයේ
හමුවන්න තිබුණාද අපි මේ වගේ
කවදා කොහේ නිහඬ මානේ
හැරයන්න නොසිතන්න භවයෙන් භවේ
සත්තයි සදා මං ඔයාගේ.....
මගේ ජීවිතේ හෙවණැල්ල සේ
හැමදා ළඟින් ඉන්න ආදරෙන්.....

මා නොනිදා නිදන්නේ නෑ නින්ද දන්නේ
මනසේ මැවිලා සිත්තම්
මා ඔබමයි සොයන්නේ දෑසම රිදෙන්නේ
දෙතොලේ පිපිලා හසරැල් පිනිබිඳු කඩා
ඔබේ නම ලිව්වා මා අහසේ
සිත නිව නිවා මා එය දැක්කා සඳ එළියේ
අප තනි වී නෑ ලොවෙහි අපගේ සදාකල් මේ ආදරේ
සැනසී නැළවෙමු පෙම් හීනයේ.....

හංගා සිතේ.....

මා පදවැල් බඳින්නේ නෑ තනුව දන්නේ 
නොලියූ කතාවයි ලියන්නේ 
නොදොඩා මා හිඳින්නේ පපුවයි දැවෙන්නේ
මගේ මැණික තුරුලේ නිදන්නේ
මගේ ළය පුරා ඔබේ පණ තියලා මා දෑසේ
හිත ළඟ ඔයා සක්මන් කෙරුවා පෙර සසරේ
අප තනි වී නෑ ලොවෙහි අපගේ සදාකල් මේ ආදරේ
සැනසී නැළවෙමු පෙම් හීනයේ.....

හංගා සිතේ.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.