Font size:
නෙතඟින් ගලන්නේ ලේ කඳුළු වැල් මං කොහොම ඉන්නේ දුක තද කරන් සිරැරෙන් ගැලූ ලේ කිරි සාගරේ නුඹේ පුතුට දුන්නේ හරි ආදරෙන් ඇස් දෙක පියාන නුඹ අද ගියාට නුඹේ පුතු දෙසවත් නොබලා නුඹ නැති මේ ලෝකේ ඉන්නේ කොහොමැයි මා නුඹ යන්නෙපා අම්මේ මා හැරදමා ඔබ යන්නෙපා අම්මේ මා හැරදමා රෑ හඬන අහසේ තනි තරුව විලසේ මේ දිවි මඟේ මං අද තනි වෙලානේ පිළිගන්නේ නෑනේ මේ මාගේ හෘදේ යළි නේන ගමනේ නුඹ ගොස් කියා යළි නේන ගමනේ නුඹ ගොස් කියා සුදු වැල් දිලෙන්නේ මා හ`ඩවමින්නේ ගිනි ගොඩක නුඹේ පුතුගේ හිත දැවෙනවානේ පිළිගන්නේ නෑනේ මේ මාගේ හෘදේ යළි නේන ගමනේ නුඹ ගොස් කියා යළි නේන ගමනේ නුඹ ගොස් කියා නෙතඟින් ගලන්නේ...
Singers
Data
Last updated May 2026