තුන් යමේ රෑ
Thun Yame Ra
Music: ප්‍රියා සූරියසේන Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රැජිණ වී මා ඔබේ හද රාජයේ රජ වුණා රෑ සිහිනයේ තුන් යමේ රෑ තුන් යමේ දුටු සිහිනයේ ඔබ රජ වෙලා මා ඔබේ හද විජිතයේ රැජිණ වූයෙමි සිහිනයේ සුනීල රජ මල් පොකුණේ ඔයා රැයේ දිය කෙළ නේ පොකුණු තෙරේ මා උන්නා රැයේදී මා දුටු සිහිනේ පුරාණ රන් දෝලාවේ ඔයා නිරිඳු සේ ආවේ මගේ ළගින් ඔබ උන්නා රැයේදී මා දුටු සිහිනේ ත්‍රිශූල තෝමර ඔසවා පෙනේවි සේනා එනවා පෙම් පියසේ හුන් සතුරෝ බියේම මට දිව යනවා උදාර ප්‍රේමය නිම වී ගියාද සිහිනෙන් පිය වී සිහිනෙන් හෝ හැබැහින් හෝ නොයන්න කුමරිය සැග වී
Data
Last updated May 2026