Font size:
ඔබගෙ අම්මද...... නැත්නම්, ඔබගෙ බිරිඳද.. ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද...? ගෑණු අපිට සිය ගනන් සෙව්වැකි... හැබැයි අම්ම කිව්වොත් එක්කෙනයි බොරු නැති... අත් මිට කාසි පනම් ඇති විට... එතකොට ගෑණුත් ඇති වට පිට... එයල අත මිට නැති දා හැර යයි යන්නට... නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට... සමහර තරුණ, තරුණියන්ට රැවටිලා... අසරණ මෑණියන්ට වෙනස්කම් කළා... ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ... එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ... එදා චූල පදුම රජතුමාගෙ බිසවට... පිපාසෙ උන කාන්තාරෙ යනකොට... රජා උරේ පලළ ලේ දුන්නනෙ බොන්නට... රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට... ඇය ආස හිතිල අත පය නැති කොරෙකුට... රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට... තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට... අම්මේ අම්ම එහෙම කරයිද තම පුතාට... එදා රජතුම සහ බිසව කැලේ යනවිට.... වැදි කුමරෙක් කඩා පැන්න සටනට... ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට... ආස හිතුන රජතුමාගෙ බිසවට... කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට... කඩු කොපුව රජුට, කඩුව දුන්න වැද්දට... අන්න ඒක නිසා නහින්න වුනා රජාට... අම්මේ අම්ම එහෙම කරයිද තම පුතාට... සමහර තරුණ, තරුණියන්ට.../ අම්මයි තාත්තයි මගේ ජීවිතය මම මේ දෙදෙනාගෙ ලොකුම පුතුය මේ දෙන්නව රැකීම මට යුතුය අන්න එකයි හොඳ පුතුකුගේ හොඳ ගතිය ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා... ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා... ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා... මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා... සමහර තරුණ, තරුණියන්ට.../
Singers
Data
Last updated May 2026