Font size:
සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න වසන්තයට යලි එන්නට එපා කියන්න මගේ පාළුව විදගන්නට මට ඉඩ දෙන්න ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න... ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න... ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න තරු යායට ඉඟිලන්නට එපා කියන්න මං කෙලෙසක ඒ විසිතුරු බලා හිදිම්ද ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න... ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න... සඳ මඩලට හිනැහෙන්නට...// මද පවනට දැවටෙන්නට එපා කියන්න මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිදිම්ද ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න... ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න... සඳ මඩලට හිනැහෙන්නට...//
Singers
Data
Last updated May 2026