Home/Songs/තිළිනේ ලෙසින් පිලිගන්වමී

තිළිනේ ලෙසින් පිලිගන්වමී

Thiline Lesin

Font size:
තිළිනේ ලෙසින් පිලිගන්වමී
ඉටි මල් මිටක් මා සැදු
පරවී නොයේ ඒ මල් සැලේ 
මගේ ආදරේ වගේ//

දුර ඈත සයුරෙන් එහා
පිටවීලා යනවා කියා//
දැනගත්ත මොහොතේ හඩා 
දැකගන්න ආවේ සොයා//

ඔය දෑත දෑතේ තියා
කොදුරන්න යන්නම් කියා//
රිදවන්නෙ ඇයි මා මෙසේ
ඔබ නේද මගේ ජිවීතේ //

තිළිනේ ලෙසින් පිලිගන්වමී....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.