Home/Songs/සංසාර ගානේ

සංසාර ගානේ

Sansara Gane

Music: ශානුක එච් පෙරේරා Lyrics: සඳුන් පෙරේරා
Font size:
සංසාර ගානේ නෙත් යුගල වාගේ
රැකගන්න ඕනේ මට ඔයා
නිස්සාර නෑනේ ඔබ දුන්න සෙනෙහේ
රත්තරං වාගේ හැඟෙනවා
ආකහේ තරු පරදාලා දෙව්ලියක් විලසින් දැකලා
ජීවිතේ තේරුම් කළා
පෙම්බර හෙවණට මාගේ මනමාලිය කරගන්නේ
අමනාප නැත්නම් ඔබ මෙමා
මල් සිහිනෙට නුඹ ආවේ කෝ අවසර අරගෙන නෑනේ
ලැජ්ජා හිතේවි හිත පුරා 
අවසරේ දුන්නේ ඇස් තමා...

අතපාන මානේ ඉන්නමයි ඕනේ ආදරේ ඉතිරි යනතුරා
කවුරුන්ද මැව්වේ දෙවියන්ද නොදැනේ
පැතුව හිමිකාරි හමුවුණා
දෛවයේ පිටුවක් පුරවා ලියවිලා තිබුණද මන්දා
මා ඔබේ විතරයි කියා
පෙම්බර හෙවණට මාගේ මනමාලිය කරගන්නේ
අමනාප නැත්නම් ඔබ මෙමා
මල් සිහිනෙට නුඹ ආවේ කෝ අවසර අරගෙන නෑනේ
ලැජ්ජා හිතේවි හිත පුරා 
අවසරේ දුන්නේ ඇස් තමා...

සංසාර ගානේ.....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.