සෙනෙහස් අවාරේ
Senehas Aware
Music: යසස් මැදගෙදර Lyrics: සජිත් අක්මීමණ
Font size:
චිත්‍රපටය : ආදරණීය ප්‍රාර්තනා (2022) රෑ හීන ගානේ නුඹ පෙනේවී.. හුස්මක් පවා දුර යයි සිතේවී.. මා ආදරේ ඔබගෙන් දකීවී.. සංසාරයේ හමුවී තියේවී.. සෙනෙහස් අවාරේ.. කුළුඳුල් තුෂාරේ.. ඔබමයි ගෙනාවේ.. මගේ දිවිතුරා.. අනුහස් විමානේ.. සිපගත් නුරාවේ.. සඳකැන් ගලා ඒ්.. හදේ ගිනි නිවා... මුදු වලා අතර පාවෙලා අප සිනා නිතර යාවෙලා දැනෙන්නේ මේ ආදරය දෝ.. විහගුනේ ගයන ගීතිකා උනුහුමේ විඳින චාරිකා ඔබ මැවුනේ මා වෙනුවෙන්ම දෝ.. සෙනෙහස් අවාරේ.... හදවතේ මියුරු කාරණා.. නුඹ ගෙනා මතක පාරනා.. කොඳුරන් හදට.. ආරාධනා.. නුඹ මගේ හිතම සාදනා.. ආදරේ අකුරු තෝරනා.. ඔබමයි හීන හැබැහින් ගෙනා.. සෙනෙහස් අවාරේ....
Singers
Data
Last updated May 2026