ඔබ සිහිලැති සෙවණේ (කුවේනි)
Oba Sihilathi Sewane (Kuweni)
Lyrics: හෙන්රි ජයසේන
Font size:
ඔබ සිහිලැති සෙවණේ සිටියදි පෙර දවසේ රන්වන් කෙලවර මුහුදේ සැන්දෑ හිරු බැස යන වේලේ මුහුදේ දෙවියන් අහසේ දෙවියන්// ගැන විසිතුරු කීවා ඔබ අප තුරුලෙ හොවා... සඳ සේ සියුමැලි වූ ඔබ සොමිබර මුහුනේ නිල්වන් දෙනෙතින් උතුරා ගැලු උණුසුම් සෙනෙහස දහරා අපමය දුටුවේ අපමය ලැබුවේ// පින්බර මෑණියනේ ඒ මොලකැටි වයසේ... ඈත එතෙර මුහුදින් පැමිනෙන රජ කුමරී කී සඳ එදින පියාණන් ඔබ සෝකෙන් ඔහු දෙනෙත් බලා නොකියා වැළපිලි නොසලා කඳුලැලි// දුන් බස් මෑණියනේ නිරතුරු මෙමට ඇසේ...//
Data
Last updated May 2026