Home/Songs/හීනයක් වගේ

හීනයක් වගේ

Heenayak Wage

Music: බිලී ප්‍රනාන්දු Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
හීනයක් වගේ අප හමු වූණුදා 
ඇස් වලින් දොඩා හිනැහුණු දා
මගේ හද සෙවූ ඔය නෙතු කියූ
ඒ ආදරේ රැකගන්නම්.....//

හද ගැඹුරේ කිමිදීලා
ඔබේ සෙනෙහින් නැහැවීලා
සැනසෙන්නම් සැමදා ඔබේ පෙම් දැහැනේ
ඒ ආදරේ රැකගන්නම්.....

හීනයක් වගේ.....

දුර අහසේ පියඹලා
පෙම් ගී වැල් මුමුණා
ඉන්නම් සැමදා ඔබේ පෙම් දැහැනේ
ඒ ආදරේ රැකගන්නම්.....

හීනයක් වගේ.....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.