Home/Songs/හින්දි වගේ

හින්දි වගේ

Hindi Wage

Music: ෂෙහාන් ක්‍රිස් Lyrics: දිනුෂ සංකල්ප
Font size:
FB එකේ මුළු දවසෙම රැකගෙන ඉඳලා
දැකපු දැකපු Hot කෙල්ලට Request දාලා
Block වුණාම Adminලාට නාහෙන් අඬලා
ආදර ලෝක් දිනුවේ මම Chat කරලා
OT නැති Night Shift ගමකට ගහලා
පැයෙන් පැයට Profile Pics Upload කරලා
දවස තිස්සේ Edit කරපු Photos දාලා
ඇගේ ආදරේ ඉල්ලගත්තේ ආරෝහි කියලා....

හින්දි වගේ ලස්සන රූපේ දිලිසෙන්නේ
දැක්ක ගමන් කොයි කාගෙත් ඇස් උඩ යන්නේ
සෙට් වෙන්නේ ඉතින් බැඳගන්නේ
අනේ සෙල්ලං නෑ මචං කොල්ලනේ......

ගෙනාපු දවසේ ඉඳන් සැර වෙලා
ලස්සන පස්ස දොරෙන් විසි වෙලා
මාගේ නිදහස ලිමිටඩ් වෙලා
එයාගේ Government එක Run කළා
මං ළඟ නැති දේවල් ඉල්ලලා
හැඬුවා මුළු දවසෙම පෙරළිලා
ලක්සෙට කොඩිය දාලා රජ වෙලා
හිටියට මෙයා ළඟදී පච වෙලා......

හින්දි වගේ....

දවසින් දවසට වැඩ වැඩි වෙලා
එයාගේ ලස්සන අත් කළු වෙලා
බියුටිය කචල් වෙන්න ළං වෙලා
Mother in lawට එන්න සෙට් කළා
අවුරුද්දක් හරියට ගත වෙලා
දෙන්නම හොඳ ගානට තර වෙලා
මගේ බඩ පිට පොත්තට ඇලවීලා
හිතෙනවා ඉන්නට වනගත වෙලා.......

FB එකේ මුළු දවසෙම......
හින්දි වගේ....//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.