Font size:
කප්ප රක් ගෑනු උන්නත් මේ වගේ ළඳක් කොයි ඉසව්වකින් ආවද මේක හීනයක් කන්කරච්චලෙන් බේරිලා ඉන්න තව ටිකක් - දෙයියනේ නොංචි මේ ළඟින් නැති එක පූරුවේ පිනක්... රන් කඳක් වගේ ඒකිගේ මුහුණ රත්තරන් දෙනතකත් අගෙයි හරියට මක්කදෝ වගේ හොල්ලලා ගමන් යනකොට තම්දෙනත් තනම්-රෙගතන් තට්ටමින් කියයි මේකිගේ ගාය කොයිතරම්... තුන්පොෙළ් අඩව් අල්ලන නොංචිගේ කටේ සව්දමෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ මේ වගේ පින් කඳක් ළඟින් මට ඇල වෙන්න නෑ පිනක්-අම්මපා නොංචිලා දහක් පරදන මේක රන් කඳක්... එක දෙකක් වුණේ මෙන්න මේ අවුසදේ බලෙන් දෙක වුණත් ඉතිං හතරක් වෙන්නේ මේවයින් තුන් පැයක් වදෙන් බේරිලා නොංචි කෝලමෙන්-ඇත්තමයි මං වුණත් ඉන්නේ මේ අවුසදේ බලෙන්... නොංචිගේ කටින් කවදත් ඇහුවේ නෑ හොඳක් ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක් මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවිලයක්-උන්දැගේ මේ වදෙන් අනේ අම්මපා නෑ තොලොංචියක්... පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනෙයි වළඳනා කෙනෙක් ඇත්නම් දෝස නෑ අපෙන් මේ පනික්කලෙත් ඕවට රුංද ගති ගතං-ඒ වුණත් නොංචිගේ කනේ වැටුණොත් කම්මුතුයි මමත්... තුන් හිතෙන් හිතුවේ නෑ මං මේ වගේ දෙයක් බීමතින් යමක් කිව්වද මට සමාවෙයන් කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතින් මගෙ නොංචි රන් කඳේ// අපි දැන් ගෙදර යන්න යං...
Singers
Data
Last updated May 2026