Font size:
මා දුර ඈතක යතැයි සිතා ඔබ මෙහි තනිවී ඇතැයි සිතා සොවින් තැවී ලතැවී හිදිමින් නිල්මිණි නෙත් යුග බොඳ නොකරනු මැන // ඔබගෙන් වෙන්වී සමුගෙන යන්නට මට දිරියක් නැත එනමුදු සොඳුරිය අප දිවි රැකුමට මා එහි යා යුත්තේ ඔබේ මියුරු බස් කල කී දේවල් එද තෙරපී ඇත්තේ ඉඩක් ලැබුණු විට ලියා එවන්නම් විස්තර ඒ පැත්තේ මා දුර ඈතක ..... අදින් පසුව හා අඳුරු අගාධෙක නිරතුරු තනි වෙනවා ඔබේ සුවඳ මා හදවත් අරණේ පමණක් තනි වෙනවා ඔබ තනිකර දා වෙන්වී යන මුත් හදවත වැළපෙනවා කිසියම් දවසක මා මිනිසෙකු වී යළි ඔබ වෙත එනවා මා දුර ඈතක..........
Singers
Data
Last updated May 2026