Home/Songs/සුදු රෝස මල් වැටිලා තිබුණා

සුදු රෝස මල් වැටිලා තිබුණා

Sudu Rosa Mal Wetila Thibuna

Dreamz of Shihan
Font size:
සුදු රෝස මල් වැටිලා තිබුණා 
ඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණා//
මතකයි අද වාගේ
රැඳවූ මතකයන් ඒ බාලේ
සුදු රෝස මල් වැටිලා තිබුණා... 

වෙන කාගෙවත් වෙන්නෙ නෑ 
මට කීවා ආදරෙන්
මට ඔබ නැතිව සැනසෙන්න බෑ 
තුරුලුව උණුහුමට ආදරෙන්
වස්සානෙ සිත සැනසී ඒ වගේ 
සමනල් පියාපත් හිනැහුණා ඒ රැයේ...

සුදු රෝස මල් වැටිලා...

සුසුමකට ලං වෙන්නම් 
සිප ගන්නේ නම් මා 
ඔබ තුරුළෙ නැලවෙන්නම් 
මගේම වෙනවා නම්//
සුපුරුදු සිහිනෙක දැවටී ඒ වගේ
මල් මත දෙව්ලිය වඩින්න ආදරෙන්...

සුදු රෝස මල් වැටිලා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.