Font size:
ඔබ ඇස මුදු පහස මා විඳින හැම දවස කියා ගත නොහැකි වුනි මෝහනව හද රහස සුදු කුමුදු මල් පිපෙන මුවඟ හසරැල් අතර පියනගනු මැන සොඳුර හුදෙකලා මතකයට ඔබ මහ මුහුදක්ය මා දුටුව මහ ගැඹරු ඔබ මහ කන්දක්ය නිසල ගොළුවත රැකුණු ඔබ කටුක පැනයක්ය තවම විසඳුම් නොදුටු ඔබ එකම සිහිනයයි තුන්යමට එළි නොවුනු ඔබ ඇසේ මුදු පහස ..... ඔබ සීත ගඟුලක්ය කතරතුර මඟ හැලුණු ඔබ එකම කවියක්ය සවස සනසන මියුරු උරපසෙහි සොම්සදෙහි නිලව ගිරි කුල නැගුණු ඔබ සුවඳ කුසුමක්ය කටු අකුල මැද පිපුණු ඔබ ඇසේ මුදු පහස ........
Singers
Data
Last updated May 2026