Font size:
දස බිම්බර මාර සෙනග තණ්හා රති රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා // සංසාරේ තෙර දකින්න බලාපොරොත්තුවෙ ඔරුවෙන් // ගමන් වැඩිය අන්ගීරස බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා සවණක් බුදු රැස් විහිදා කරුණාවේ මුදු බැල්මෙන් // මුළු දියතෙහි සිසිල මවා බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ බුදු ගුණ ගී තරඟ නැගේ // සාදු සාදු සාදු සාදු බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා දස බිම්බර මාර සෙනග තණ්හා රති රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා
Singers
Data
Last updated May 2026